Posts

දිගු කල් පවත්නා වගා ගෘහයක් සකසමු

Image
  සාර්ථක බිම්මල් වගාවක් සඳහා ක්‍රමවත්ව සකස්කල බිම්මල් ගෘහයක් තිබීම අනිවාර්‍ය අවශ්‍යතාවකි.මේ සඳහා අලුතින් ගෘහයක් නිර්මානය කිරීම හෝ පවතින ගෘහයක් නවීකරනය කර භාවිත කලහැකිය.බිම්මල් ගෘහය තුල ඉහල ආර්ද්‍රතාවයක් හා අඩු උශ්ණත්වයක් පවත්වා ගත යුතුය.එසේම මනා වායු සංස්කරණය ද තිබිය යුතුය.ගෘහය අවට ජලය රදා නොපැවැත්විය යුතුය.පිරිසිදු විය යුතුය.එසේම එය තරමක සෙවන සහිත ස්ථානයක පිහිටා තැබිය යුතුය.සාර්ථථකබිම්මල් වගාවක් පවත්වාගෙන යාම සදහා මෙම අවශ්‍යතාවාන් පිරිමැසෙන ආකාරයේ ක්‍රමවත් ගෘහයක් සකසා ගත යුතුය.. බිම්මල් ගෘහය ප්‍රධාන කොටස් තුනකින් සමන්විතය .  01.වගා මළු සැකසීම හා තැම්බීමට ස්ථානය 02.බීජෞෂණය සඳහා අඳුරු කාමරය  03.වගාමළු තොග වෙන්ව තබාගතහැකි රාක්ක සහිත වගා කාමරය පහත සඳහන් ප්‍රමාණයන්ගෙන් කැමති එකක් තෝරා ගත හැක. 1. අඩි 10 x අඩි12 2.අඩි 10 x අඩි 8 ගෘහය සෑදීමේ පියවර කිහිපයකි 1. අත්තිවාරම දැමීම 2. කණු සිටුවීම 3. වහලය ගැසීම 4. කෘමින් ප්‍රතිරෝධී දැල ගැසීම 5. ගෙබිම තලා සිමෙන්ති දැමීම 6 දොර උළු අහු සෑදිම 1. අත්තිවාරම දැමීම 10x12 හෝ 10x8 තමන්ට කැමති ප්‍රමාණයන්ගෙන් එකක් තෝරාගෙන අත්තිවාරම සකස් කළ ගත යුතුය.මේ සඳහා කළුගල

ආහාරයට සුදුසු බිම්මල් වර්ග

Image
පරිසර පද්ධතිය දෙස අවදානය යොමු කිරීමේදි මිනිසාට ආහාරයට ගත හැකි   සහ ආහාරයට ගත නොහැකි බිම්මල් වර්ග රාශ්‍රියක් ද ඇත. ඒ් අතුරින් වාණීජ වගාවන් සදහා බහුලව භාවිතා කරන බිම්මල් වර්ග මෙන්ම ආහාරයට ගනු ලබන දේශීය බිම්මල් වර්ගයන්ද හදුනාගෙන ඇත.    වාණීජ වගාවන් සදහා බහුලව භාවිතා කරන බිම්මල් බිම්මල් වර්ග රාශ්‍රියක් පැවතුනිද වගාකරුවන් අතර වාණිජ වගාවන් සදහා සැම බිම්මලක්ම ජනප්‍රිය වී නැත. ඒලෙස වාණිජ වගාවන් සදහා ජනප්‍රිය වූ බිම්මල් වර්ග කිහිපයක් පහත දකවා ඇත.     01 සාමාන්‍ය නම - බොත්තම් බිම්මල් /   Button Mushroom        උද්භීත විද්‍යාත්මක නාමය - ඇගරිකස් බිස්පෝරස් / Agricus bisporus ලංකාවේ සුපිරි වෙලදසැල් ජාලය තුල වැඩි ඉල්ලුමක් පවතින බිම්මල් වර්ගයක් වේ. ගජමුතු බිම්මල් යන නමින්ද මෙම බිම්මල් වර්ගය හදුන්වනු ලබයි.         02 සාමාන්‍ය නම - ඇමරිකන් ඔයිස්ටර් / American Oyster      උද්භීත විද්‍යාත්මක නාමය - ප්ලුරෝටස් ඔස්ට්‍රියේටස් / Pleurotus osatreatu බිම්මල් වගාකරුවන් අතර ඉතාමත් ජනප්‍රියම බිම්මල් වර්ගය වේ.   පාරිභෝගිකයින්ගේ ඉහලම ඉල්ලුම පවතින්නේද මෙම වර්ගයේ බිම්මල් සදහා වේ. බෙලි කට